සමාජ සුබ සාධන යාන්ත්‍රණයට පමණක් සීමා නොවුණ සෙනෙහස ක්‍රියාන්විතය පීඩාවට පත් පවුල් හඳුනා ගැනීමටත් එම පවුල් ඒකකයන්හි ජීවනෝපාය සංවර්ධනය කිරීම දක්වාත් දියත් වන්නකි.

ඒ අනුව පළමු වරට රත්ගම කොට්ඨාසයේ අරුණැල්ල රාජ්‍ය නොවන සංවිධානය පදනම් කරගනිමින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු කෘෂි ගොවිපොළ සෙනෙහස සමාජ ක්‍රියාන්විතයේම තවත් එක් අදියරකි.

ඍජූ හා වක්‍ර රැකියා රැසක් ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය 2022 වසරේ දෙසැම්බර් මසදී ආරම්භ විය. මෙමගින් ගොවි පවුල් 60ක් සවිබල ගැන්වෙන අතර තරුණ ගොවියන් 15 දෙනෙකු විසින් ශ්‍රම දායකත්වය මේ සදහා ලබා දී තිබේ.