සමාජ සුබ සාධනය මෙන්ම සෞඛ්‍ය සායන වැඩ සටහන්ද සෙනෙහස යාන්ත්‍රණය යටතේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූයේ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධීකරණය කරලමිනි. වැඩිහිටි ප්‍රජාව මෙම සුබ සාධන වැඩසටහන යටතේ ආවරණය කෙරුණ අතර පළමු සෞඛ්‍ය සායන වැඩ සටහන ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ආරම්භ විය. ඔවුන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 15,000 ක් පමණ වටිනා උපකරණ කට්ටල ලබාදීම ඒ අතර කැපී පෙනේ.