සෙනෙහස සමාජ සුබ සාධන යාන්ත්‍රණය අද වන විට ඉලක්ක ගත වී ඇත්තේ ව්‍යවසායකත්වය නගා සිටු වීම සඳහාය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි නියැලෙන ව්‍යවසායකත්වයට අතහිත ලබා දීමත් ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත් සෙනෙහස අත්වැල් බැදගෙන තිබේ.

මේ සඳහා නිර්මාණය කෙරුණ ව්‍යවසායකත්ව සභාව අද වන විට ජාතික මට්ටමේ සංකල්පයක් බවට පත්ව තිබේ. සෙනෙහස සමාජ සුබ සාධන ක්‍රියාන්විතය ආරම්භ කෙරුණේ පීඩාවට පත් පවුල් සවිබල ගැන්වීම වෙනුවෙනි. එම යාන්ත්‍රණයම අද වන විට නවමු දිශානතියකට පරිවර්තනය වී ඇත. මේ වන විට වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය කරමින් කරනු ලබයි. මෙහි අපේක්ෂාව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් ජාතික මට්ටම දක්වා ඔසවා තැබීමයි.