සෙනෙහස සමාජ ක්‍රියාන්විතය නිරන්තරයෙන්ම අධ්‍යාපනය හා ළමා සංවර්ධනය සඳහා පුමුඛතාවය ලබා දෙයි. විශේෂයෙන්ම මුල් ළමාවිය දරුවන් මෙන්ම ආර්ථික වශයෙන් පීඩාවටපත් පවුල් වල දරුවන් ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන උපකරණ ලබාදීමද සෙනෙහස සමාජ සුබ සාධන ක්‍රියාන්විතය ආරම්භයේ සිටම සිදු කෙරිණි . ඒ යටතේ පෙරපාසල් දරුවන් වෙත දිවා ආහාර ලබා දීමටද රාජ්‍ය නොවන ආයතන මැදිහත් වූ අතර. තෝරාගත් පාසල් වල දු දරුවන් රැසකට දිවා ආහාර වේල නොනවත්වා තවමත් ලබා දීම සිදුවෙයි.